සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ පාසල් සිසුවෙකු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ සිසුවාගේ දෙමාපියන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කර දින කිහිපයක් ගතවුණද, ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක බවද සඳහන්.
දහසය හැවිරිදි පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ සම්බන්ධව පැමිණිල්ලක් කළ බව දරුවාගේ මව්පියන් සඳහන් කළහ.
දරුවෙකු වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළ දඬුවම් ලබා දිය යුතු වුවද මෙලෙස අමානුෂික ලෙස පහරදීම අනුමත කළ නොහැකි බව එම දරුවාගේ මව සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තමන් මානව හිමිකම් කොමිසමට සහ ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ළමයාගේ මව ප්‍රකාශ කළාය.
