හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් , සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් ලබාදුන් තොරතුරක් අනුව සොයාගෙන ඇත. ඒ අ අනුව සිදුකළ විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.
