Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම කල් යයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත්කිරීම, සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුවී පැවතුණි.

නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද දිනය දක්වා කල් දමා තිබුණි.

ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්  කරගැනීමේ කටයුතු අද (26) පෙරවරු 10:00ට ආරම්භ කිරීමට නියමිතව තිබු බව සඳහන් ය.

කෙසේවෙතත් අද දිනයේ සභිකයින් 22 දෙනෙකු පමණක් සභාවට පැමිණ තිබීම හේතුවෙන් ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු යළි කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගෙන ඇත.

Related posts

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්

Editor O

Government prioritise foreign employment opportunities for Lankans

Mohamed Dilsad

ලබන වසරේ සිට නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

Editor O

Leave a Comment