කොළඹ නගර සභාවේ බලය දැන් හිමි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි. .
රෑට රෑට මන්ත්‍රීවරු ගෙනවිත් බුරියානි දෙමින් නගර සභාවක් පාලනය කළ නොහැකි බව මේ වන විට තහවුරු වී ඇති බවද පැවසූ ඔහු රහස් ඡන්දය පවත්වමින් ජාතික ජන බලවේගය කළ විගඩම මාස හයෙන් අවසන් වී ඇතැයි ද කීවේය.
කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
කොළඹ මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අයවැයට පෙරදා රාත්‍රියේ බුරියානි දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට කළ උත්සාහයක් ගැන ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
