Trending Newsඑසැන පුවත්දේශීය

විජයදාස රාජපක්ෂ පසුපෙළට යයි.

(UTV | කොළඹ) –

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට  වෙන් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු  ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත. විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම  හේතුවෙනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ  අසුන් පැනවීමට තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති. ඔවුනටද විපක්ෂයේ අසුන් පනවන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.

Related posts

Galle Face entry road closed due to a protest

Mohamed Dilsad

லக்ஷமன் கதிர்காமர் கொலை தொடர்பில் சந்தேக நபர் கைது

Mohamed Dilsad

வீடு தீப்பிடித்ததில் ஒரே குடும்பத்தை சேர்ந்த 7 சிறுவர்கள் பலி

Mohamed Dilsad

Leave a Comment