Trending Newsඑසැන පුවත්දේශීය

තොරතුරු දැනගැනීමේ කොමිෂම පවත්වාගෙන යෑමට කාර්යය මණ්ඩලය සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න – නීතීඥ සංගමය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් එහි ස්වාධීනත්වයට සහ ක්‍රියාකාරීත්වයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. .

ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරැකීමට නම් එම කොමිෂන් සභාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

පවතින සීමිත සම්පත් මධ්‍යයේ වුවද පසුගිය දශකය පුරා කොමිෂන් සභාව සිදුකළ සේවය අගය කරන නීතිඥ සංගමය, දැනට පවතින මූල්‍ය හිඟය සහ පුරප්පාඩු හේතුවෙන් කොමිෂමේ ඉදිරි කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙයි.

කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ස්වාධීන මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

තොරතුරු දැනගැනීමේ පනතේ අන්තර්ගත පුරවැසි අයිතිවාසිකම් කප්පාදු වන ආකාරයේ කිසිදු සංශෝධනයක් සිදු නොකළ යුතු බවට නීතිඥ සංගමය දැඩි ලෙස අවධාරණය කරයි. එවැනි යම් සංශෝධනයක් සිදු කරන්නේ නම්, එය නීතිඥ සංගමය සහ මහජනතාව ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ පූර්ව සාකච්ඡාවකින් යුතුව සිදුවිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපියේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් වික්‍රමරත්න, නලින්ද ජයතිස්ස සහ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති දයා ලංකාපුර යන මහත්වරුන් වෙතද යොමු කර තිබේ.

Related posts

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

හෙට අනිද්දා යන දෙදින දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

பாராளுமன்றத்தை கூட்டுவது தொடர்பில் ஜனாதிபதியிடமிருந்து உத்தியோகபூர்வமான அறிவிப்பு இல்லை

Mohamed Dilsad

Leave a Comment