Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවට ලොකු නිවාඩුවක්

පාර්ලිමේන්තුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා කල් තබා ඇත. මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද ඒ අනුව ලබාදී ඇත.

ඒ අනුව, කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.

එයට අදාළව විශේෂ චක්‍රලේඛයක් මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබේ.

මීට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 24 හා 26 යන දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දින ය.

Related posts

මාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

ඔළුගෙඩි මාරුවක් ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment