ක්‍රීඩාදේශීය

ක්‍රිකට් හෙට කෝප් යයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (06) නැවතත් කෝප් කමිටුව හමුව හමුවට කැඳවා තිබේ.  

මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතරක් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව, අප්‍රේල් 07 වැනිදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුව හමුවට කැඳවා ඇති අතර අප්‍රේල් 23 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන කටයුතු විමර්ශනය කිරීමට නියමිතය.

 

Related posts

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම ඇරඹේ [PHOTOS]

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වෙයි

Mohamed Dilsad

කෝලි ඇතුළු ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නොඑන හේතුව

Mohamed Dilsad

Leave a Comment