ශ්‍රී ලංකාව තුළ එච්අයිවී ආසාදිත රෝගීන් 5700ක් පමණ, මේ වන විට වාර්තා වී ඇති අතර පසුගිය 2010ට සාපේක්ෂව 2024 වසරේ එච්අයිවී ආසාදිතයින්ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
එච්අයිවී ආසාදිතයන්ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඉන් වැඩි පිරිසක් අවුරුදු 15 – 24 අතර වයස්වල පසුවන්නන් වන අතර එම පිරිස අතර පාසල් දරුවන් ද වන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළාය.
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළේ,
“ලංකාව ඇතුලේ 5700ක් එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින් ඉන්නවා කියලා අපි ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. අපි පසුගිය අවුරුද්දේ විතරක් 824ක් හදුනාගත්තා.
2010ට සාපේක්ෂව 2024 දී සියයට 48ක වැඩිවීමක් තියෙනවා. පහුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 15 – 24 කියන වයස් කාණ්ඩයේ එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින්ගේ අලුත් හඳුනාගැනීම් වැඩිවෙලා තියෙනවා.
එච්අයිවී ආසාදිතයින් 824ක් 2024 වසරේ හඳුනාගත් අතර, ඉන් 115ක්, සියයට 15%ක ප්‍රමාණයක් අවුරුදු 15 – 24 කාණ්ඩයේ.”
