Trending Newsඑසැන පුවත්දේශීය

පාලකයා අධාර්මිකවෙලා..; අකල්වැසි ; පොළොව ගිලා බහිනවා ; තුන් බිය ඇති වෙලා…; – රෝහිණී කවිරත්න

සිය ජීවිත කාලය තුළ මෙවැනි ව්‍යසනයක් දැක නොමැති බවත් මෙය දේවශාපයක් නැතහොත් දේවකෝපයක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි. රෝහිණී කවිරත්න මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.

“අපි බෞද්ධ, හින්දු සංස්කෘතියේ මහ පොළොව ගුගුරා ගිය අවස්ථා, අහස කම්පා වුණ වෙලාවල්, මහපොළොව පළාගෙන ගිය හැටි, පඬිපුරය ගිනිගත් හැටි, තුන්බිය ඇති වූ හැටි අපි අහලා තියෙනවා. අපේ ජනශ්‍රැතිය අනුව මේවට කියන්නේ දේවශාප කියලා නැත්නම් දේවකෝප කියලා.

මේ සිදුවීම් නිසා තුන්බිය ඇති වෙලා. මහපොළොව පළාගෙන පොළොවෙන් භාගයක් ඇතුළට බැහැලා. ඒ ගියේ නරකාදියට ද කියන්න අපි දන්නේ නෑ. අද කලට වැහි නෑ. අකාලෙ වහිනවා. කෙත්වතු සරු නෑ. භීතිය තුරන් වෙන්නේ නෑ. රජු ධාර්මිකව පාර්ලිමේන්තුවට පැමිණ දුන් පොරොන්දු මහපොළොවේ සිද්ධ වෙන්නේ නෑ.

මගේ ජීවිත කාලේ ආපදාවක් වෙලා සති තුනක් ගතවෙලත් ජනතාවට සහන දෙන්න බැරි වුණ අවස්ථාවක් මම දැකලා නෑ. ඒ නිසායි මේක විද්‍යාඥයන්ට පහදා ගන්න බැරි දේවශාපයක් වෙන්නේ. ආපදාවට ලක්වුණ මිනිස්සු පණපිටින් නරකාදියක ඉන්නේ. රටේ කඳවුරුරුවල මිනිස්සුන්ට බතුයි සෝයයි කාලා එපා වෙනවා. මිනිස්සු බත් පැකට් දෙන දවස ළඟදිම ඉවර වෙනවා.

එදාට ආණ්ඩුවට දුවන්න පාර හොයා ගන්න බැරි වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයයි. ඒවා ශ්‍රමදානවල වැලිකොට්ට අභිමානයක රඳවලා ගං වතුරේ දේශපාලනය කළාට ඒව විසඳෙන්නේ නෑ.”

Related posts

ආණ්ඩුවේ පාලකයෝ ජනතා ප්‍රශ්නවලට සවන් දෙන්නේ නැහැ : ජනතාවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ විපක්ෂයට – විපක්ෂ නායක

Editor O

Jennifer Lopez’s ‘Hustlers’ in legal trouble

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment