තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල්ගේ ඉල්ලීම මත මහා වජිරලොන්කෝන් රජු විසින් එරට පාර්ලිමේන්තුව විසුරවාහැර ඇති බව වාර්තා වේ.
අගමැතිවරයා සැලසුම් කළ කාලයට වඩා කලින් මැතිවරණයක් පැවැත්වීමට දොර විවර කරමින් ජනතාවට බලය නැවත ලබා දෙන බවට නිවේදනය කර ඇති අතර පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් අනතුරුව දින 45 සිට 60 දක්වා කාලයක් තුළ නැවත මැතිවරණයක් පැවැත්විය යුතුය.
තායිලන්තය මේවන විට කාම්බෝජය සමඟ දේශසීමා යුද්ධයක පැටලී ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය එරට විපක්ෂය සතුවේ. මෙලෙස පවතින දේශපාලන අවිනිශ්චිතතාවය හා එක්සත් ජනපද තීරුබදු පීඩනය හේතුවෙන් අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය මේවන විට බිඳ වැටෙමින් ඇත.
