Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායක, (හිටපු) ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරේ නවතම තොරතුරු

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක සහ (හිටපු) ආචාර්යය අශෝක සපුමල් රන්වල රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ. 

සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රි සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලැබීමෙන් පසු ඒ මහතා මූලිකව කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පදවනු ලැබූ ජීප් රථය ගල් වල හන්දියේ සිට පවර් හවුස් දෙසට දිවෙන මාර්ගයේ දෙනිමුල්ල හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක පිටුපස ගැටීමෙනි. 

පොලිසිය සඳහන් කරන්නේ එම ගැටීමෙන් පසු රන්වල මහතා ජීප් රථය පාරේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.

මෙම සිදුවීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ මාස හයක කුඩා දැරියක තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. 

සපුගස්කන්ද පොලීසිය විසින් මෙම මාර්ග අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.

Related posts

ஹொரணை இறப்பர் தொழிற்சாலையில் பாரிய விபத்து; 05 பேர் பலி – பல பேர் காயம்

Mohamed Dilsad

இலங்கையர்களின் பொறுப்பு தொடர்பில் பிரதமர்

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අලුත් ආකාරයකට

Editor O

Leave a Comment