ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවට අනුව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119-120 ට අනුව රජයේ විගණන වාර්තාවල වගකීම හා බලතල දරන්නේ විගණකාධිපතිවරයා බැවින් විගණකාධිපතිවරයෙක් නොමැතිව සකසන වාර්තා යම් අයකුට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි බව විගණන නිලධාරීන් පෙන්වා දෙති.
විගණකාධිපති තනතුර දින තුනක් තිස්සේ හිස්ව පවතින බැවින් රජයේ විගණන නිලධාරීන් සිය විගණන වාර්තා සැකසීම දෙගිඩියාවෙන් කරන බව විගණන නිලධාරීහු කියා සිටිති.
රජයේ විගණන සේවා සංගමයේ සභාපති ප්‍රසන්න ඇලපාත මහතා මාධ්‍යට පවසා ඇත්තේ මෑත ඉතිහාසයේ විගණකාධිපතිවරයෙක් නැති රටක් නිර්මාණය වී ඇති බවයි. වැඩබලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තුන්වැනි වරට නිර්දේශ කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහතාගේ නම තෙවැනිවරට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මේවන විට ප්‍රතික්ෂේප කර තිබේ.
මෙවර, එම නිර්දේශයට පක්ෂව සිව්දෙනෙකු ඡන්දය භාවිත කර තිබූ නමුත්, දෙදෙනෙකු එයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබූ තිබිණි.
තවත් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. මෙලෙස නිර්දේශිත නාමය ප්‍රතික්ෂේප කර ඇත්තේ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර පුද්ගලයෙකු නම් නොකර, දිගින් දිගටම වැඩබලන අයෙකු නම් කිරීම නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
