Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

අද(10) අළුයම 3.25 රඹුක්කන සිට කොටුව දක්වා දුම්රියෙන් පටන් ගෙන පෙරවරුවේ සියලු කාර්යාල දුම්රිය ධාවනය සිදුකළ බව දුම්රිය දෙපර්තමේන්තුව පවසයි.

රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, නාත්තන්ඩිය සහ කොච්චිකඩේ යන දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රියන් සියල්ල මේ අනුව ධාවනය කර තිබේ.

අද (10) සවස කොළඹ කොටුව සිට රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත සහ මහව දක්වා කාර්යාල දුම්රිය ධාවනය කරවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය අධිකාරී ගමනාගමන ජී ඩී ඒ සමරසිංහ මහතා සඳහන් කරයි.

ස්වභාවික ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය සේවය කොටස් වශයෙන් යථාවත් කිරීම තුළින් මෙලෙස දුම්රිය ධාවනය සිදුකිරීමට හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය යටින් අඩි 45ක පමණ කුහරයක් සෑදි තිබුණි.

ඒ සමග ප්‍රධාන මාර්ගය අවහිරවීමෙන් ප්‍රධාන මාර්ගයේ මෙන්ම උතුරු සහ නැගෙනහිර දුම්රිය ධාවනය ද ඇණහිට තිබුණි. ස්වේච්ඡා කණ්ඩායම් සහ යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කෙරුණි. ඒ අනුව අද(10) උදෑසන කාර්යාලය දුම්රිය ධාවනය සිදුකිරීමට හැකිවිය.

Related posts

பேருந்து ஊழியர்கள் இன்று வேலைநிறுத்தம்

Mohamed Dilsad

මැතිවරණයෙන් ඉවත්වන බවට මංගල සමරවීරගෙන් ප්‍රකාශයක් [RELEASE]

Mohamed Dilsad

කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment