Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

නුවරඑළියේ සුව පහසු හෝටලයක් වන The Golden Ridge හෝටලය World Luxury Awards 2025 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා තිබේ. ගෝලීය වශයෙන් පිළිගත් එම සම්මාන උළෙල සිංගප්පූරුවේ PARKROYAL Hotel Pickeringහිදී පැවැත්විණි. ගෝලීය ජයග්‍රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා – සුඛෝපභෝගී නවීන හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය එම සම්මාන ත්‍රිත්වය වේ. මුහුදු මට්ටමේ සිට අඩි 7,339ක උසින් පිහිටි මෙරට උසින් වැඩිම නගරයේ පිහිටි The Golden Ridge වෙත පැමිණෙන අමුත්තන්ට විශිෂ්ට ආගන්තුක සත්කාර සහ සේවා සමග ඉතා උසස් නේවාසික අත්දැකීමක් ලැබිය හැකිය. අක්කර 5ක භූමි භාගයක් පුරා පැතිරී ඇති එම හෝටලය Deluxe, Deluxe Quadruple, Family Rooms, Junior Suites, Mountain View Suites යන ඛාණ්ඩවලට අයත් සුව පහසු කාමර 84කින් සමන්විත වේ.

අමුත්තන්ට Clovelly Kitchen, Skyline Rooftop Lounge & Bar, Sackville, Pedro Heights, Taylor’s Lounge & Bar යන ආපන ශාලා වෙත ගොස් ප්‍රණීත ආහාර පාන රස විඳිය හැකිය. අමුත්තන්ට උපරිම සුව පහසු අත්දැකීමක් සැපැයීමට හැකි වන සේ ආපන ශාලා සැළැසුම් කර තිබේ. සභාපති ශ්‍රියානන්ද විජේකෝන්, අධ්‍යක්ෂ චානුක විජේකෝන්, සහ සාමාන්‍යධිකාරී පුෂ්පිත උඩවත්ත යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙරට සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වී ඇති The Golden Ridge මෙලෙස ගෝලීය මට්ටමින් සම්මානයට පාත්‍ර වීම එහි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. “මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වෙන්නේ අපගේ දෙස් විදෙස් අමුත්තන්, කැප වීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාර හවුල්කරුවන්.” ශ්‍රියානන්ද විජේකෝන් මහතා සඳහන් කළේය.

Related posts

Brunei says it won’t enforce death penalty for gay sex

Mohamed Dilsad

පිටි මිල යළිත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Keanu Reeves had no idea he was internet’s latest obsession

Mohamed Dilsad

Leave a Comment