Trending Newsඑසැන පුවත්දේශීය

ගංවතුර ට හසුවූ මුදල් නෝට්ටුවලට කළ යුතු දේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබාදෙන්නේ. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි .

එම උපදෙස් පහතින්.

01. තෙත් වූ මුදල් නෝට්ටු වෙන් කිරීම
– තෙත් වූ මුදල් නෝට්ටු ඉතා ප්‍රවේශමෙන් මෘදු ලෙස හසුරුවන්න
– මුදල් නෝට්ටු මිටි වශයෙන් තිබේ නම්, ඒවා එක්වර ඉවතට ඇදීමෙන් වළකින්න
– මුදල් නෝට්ටු මිටි ලිහා, තෙත උරාගන්නා ද්‍රව්‍යයකින් ඔතා කාමර උෂ්ණත්වයේ දී සෙමින් වියළීමට ඉඩ හරින්න
– මුදල් නෝට්ටු එකිනෙක වෙන් නොවන්නේ නම්, මුදල් මිටිය සීතල හෝ මද රස්නය සහිත පිරිසිදු ජලයේ ගිල්වා, පසුව නෝට්ටු ලිහිල් කිරීම සඳහා වරකට කෙළවරකින් අල්ලා මුදල් මිටිය මෘදු ලෙස සොලවා, නෝට්ටු වෙන් කිරීමට උත්සාහ කරන්න.

උණු වතුර, රෙදි සෝදන කුඩු (detergent) හෝ රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්න

02. මුදල් නෝට්ටු වියළීම
– සෑම මුදල් නෝට්ටුවක්ම පිරිසිදු, වියළි මතුපිටක් මත (මෘදු රෙදි, කඩදාසි, තුවා තෙත මාත්තු කරන කඩදාසි) අතුරා තැබිය යුතු අතර එය වර්ණවත් හෝ මුද්‍රිත නොවිය යුතුය
– මුදල් නෝට්ටු වාතාශ්‍රය ඇති ස්ථානයක ස්වභාවිකව වාතයේ වියළීමට ඉඩ හරින්න
– ඉස්ත්‍රික්ක, උඳුන් හෝ කිසිදු අධික තාප ප්‍රභවයක් භාවිත නොකරන්න

03. හුවමාරුව සඳහා ඉදිරිපත් කිරීම
– සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, ගනු දෙනු සදහා තවදුරටත් භාවිතයට ගත නොහැකි බව හැඟීයන මුදල් නෝට්ටු හුවමාරුව සඳහා ඕනෑම වාණිජ බැංකුවකට ඉදිරිපත් කළ හැකිය.

Related posts

Galle Face entry road closed due to a protest march

Mohamed Dilsad

ராஜித சேனாரட்னவுக்கு எதிராக 14 ஆயிரம் கையொப்பங்கள்

Mohamed Dilsad

මාස 3ක බිලිඳෙක් ද සමගින් ඊයේ මෙරටින් කොවිඩ් මරණ 26ක්

Mohamed Dilsad

Leave a Comment