Trending Newsඑසැන පුවත්දේශීය

ඇපල් සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙයි

ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්ව තිබේ.

එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වනවිට දැඩිලෙස පීඩාවට පත්ව සිටින බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබේ. 

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් 1,300කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව,ආපදාවට පත්වූ රටවල්වල සහන සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය දැක්වීමට ඇපල් සමාගම මෙලෙස ඉදිරිපත් වී තිබේ.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ 177 ක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

Israel election result too close to call – exit polls

Mohamed Dilsad

15 மில்லியன் ரூபா நிதி ஒதுக்கீட்டில் மட்டக்களப்பு மாவட்டத்தில் நான்கு முக்கிய வீதிகள்

Mohamed Dilsad

Leave a Comment