Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා තත්ත්වයෙන් වසා දැමුූ මහියංගනය රෝහලේ බාහිර රෝගී අංශය ⁣යළි විවෘත කෙරේ.

ජල ගැලීමෙන් හානි වූ මහියංගනය මූලික රෝහල පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ සඳහා හමුදාවේද සහයෝගය ලබා ගෙන ඇතැයිද මහවැලි ගඟ ආසන්නේ පිහිටීම හේතුවෙන් රෝහල තුළට රොන් මඩ විශාල වශයෙන් පැමිණ ඇති බැවින් පිරිසිදු කිරීමේ කටයුතුද තරමක් අසීරු වී ඇති බවත්ය.

කෙසේ නමුත් හෙට (03) දිනයේදී බාහිර රෝගී අංශ, ප්‍රාථමික සත්කාර සහ හදිසි සේවාවන් සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

එමෙන්ම ආපදාව සිදුවූ අවස්ථාවේදී රෝහල තුළ සිටි රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගත් බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රෝහල තුළ තිබූ ඖෂධ ගබඩාවන්ට ජල ගැල්මෙන් හානි සිදුව ඇතැයිද ඇතැම් ඖෂධ භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වූ බවත්ය. 

Related posts

රටවල් කිහිපයකින් මෙරටට පැමිණෙන මගීන් දින 14ක නිරෝධායනයකට

Mohamed Dilsad

At least four dead in Florida University bridge collapse

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment