Trending Newsඑසැන පුවත්දේශීය

වැලිමඩ, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානවලට ගෝවා, කැරට් හා බෝංචි තොග ලැබෙයි

ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, කැප්පෙටිපොල ආදී ආර්ථික මධ්‍යස්ථානවලට ඉතා විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී ප්‍රධාන එළවළු වර්ග තොග වශයෙන් ලැබෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

එබැවින් මෙම එළවළු මේ වනවිට විවෘතව ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය ආදී මාර්ග භාවිත කරමින් මේ දුෂ්කර අවස්ථාවේදී මහජනතාව වෙත පහසුවෙන් ලබාගත හැකිවන පරිදි එළවළු ප්‍රවාහනය කරන වෙළෙඳ නියෝජිත මහතුන් විසින් අවශ්‍ය ප්‍රවාහන කටයුතු සංවිධානය කරගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත.
 
ඒ අනුව මේ දුෂ්කර අවස්ථාවේදී මහජනතාව වෙත පහසු මිලකට එළවළු සැපයීමට ඔබ දක්වන දායකත්වය ඉතා අගය කොට සළන බවද අමාත්‍යාංශය දැනුම් දී ඇත.

Related posts

அரசியல் கட்சிகளினதும் செயலாளர்களுக்கு அழைப்பு

Mohamed Dilsad

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

දත්ත ආරක්ෂණ පනතට අදාළ විවාදයේදී, නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Editor O

Leave a Comment