Trending Newsඑසැන පුවත්දේශීය

රට ගොඩනැගීමට සහය දෙන ලෙස විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම ට, යුරෝපා සංගමයේ තානාපතිනියගෙන් සාධනීය ප්‍රතිචාර

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ පවතින ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට නැවත වරක් නගා සිටුවීමට උපකාර කරන ලෙස, යුරෝපා සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය‍ගෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය. විපක්ෂ නායක කාර්ලයේදී ඊයේ (01) එම හමුව පැවැත්වින.

එහි දී පවතින ආපදා තත්ත්වය සහ ඉන් පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා යුරෝපා සංගමයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

එමෙන්ම, අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යෑමටත් බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට සහාය ලබා දෙන ලෙසත් මේ අවස්ථාවේ යුරෝපා සංගමය ප්‍රමුඛ ගෝලීය නායකයන් විසින් ලබා දෙන සහාය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවද විපක්ෂ නායකවරයා ,තානාපතිනියට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට කඩිනම් සහන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද යුරෝපා සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය‍ එහිදී ප්‍රකාශ කර ඇත.

.

.

Related posts

சோதனைக்குழாய் மூலம் குழந்தை பெற்ற தமிழ் நடிகை

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

இருபதுக்கு 20 தொடர் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment