Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, පොත් සහ පාසල් උපකරණ ලබාදීමට නාමල් රාජපක්ෂගෙන් වැඩ පිළිවලක්

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය.

ගංවතුර බැස ගියාට පසුව මෙම මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම සිදු කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් මාවත මූලස්ථානයේදී පැවැත් වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

තවද මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලීමක්ද කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශයට පත්වූ හා හානිවූ  ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කිරීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ නෙලුම් මාවතේදී සිදුකළ සාකච්ඡාවකදීය.

Related posts

පාකිස්තානය කළඹමින් සිදු වූ පිපිරීම

Mohamed Dilsad

எரிவாயு கசிவு – 11 பேர் பலி

Mohamed Dilsad

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

Mohamed Dilsad

Leave a Comment