Trending Newsඑසැන පුවත්දේශීය

දත්ත ආරක්ෂණ පනතට අදාළ විවාදයේදී, නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

මැතිවරණ වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ අයට දත්ත ආරක්‍ෂාව ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුවේ දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට අද (03) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම පනත මුලින්ම තම පක්ෂය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව එය දැඩිව විවේචනය කළ බවයි.

දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම හොඳ දෙයක් නමුත් මේක කළ යුත්තේ අවුරුදු කීපයකට පෙර බවත් ඒ සඳහා රජය ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වීම නිසා, ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු වීම සාධාරණ නැතැයි යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ දෙයක්. මේක කරන්න තිබුණේ අවුරුදු කීපයකට පෙර. අවාසනාවකට එය සිදුවුණේ නැහැ. මේ ක්ෂේත්‍රය සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයාත් කියනවා. ඒ සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වන නිසා ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු කිරීම සාධාරණ නැහැ. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගන්නවත් ආණ්ඩුව කටයුතු කර නැහැ. මේ පනත ගැන ජවිපෙ ආණ්ඩුවකින් කතා කිරීම සතුටුයි .අප මේ පනත මුලින් පාර්ලිමේන්තුවට ගේන කොට ඔබලා විවේචනාත්මකව කතා කළා.

Related posts

பப்ஜி விளையாட்டுக்கு இப்படி ஒரு கட்டுப்பாடா?-புதிய தடையால் இளைஞர்கள் சோகம்.!

Mohamed Dilsad

Florida school shooting: Armed officer did not confront killer

Mohamed Dilsad

தலைமன்னார் செல்லும் புகையிரதம் மதவாச்சி வரை மட்டு…

Mohamed Dilsad

Leave a Comment