Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍යවරයෙක් මහින්දානන්ද අලුත්ගමගේ, අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින් අදාළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

ඔහුට ලැබුණු ත‍්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට එරෙහිව එක් වරක් පමණක් අභියාචනා කිරීමේ අවස්ථාව ඇති අතර එය නඩු තීන්දුව ලැබී දින 28ක් ඇතුළත සිදු කළ යුතු වෙයි.

අදාළ අභියාචනය මත ඇප ඉල්ලා සිටීමටද හැකියාව ඔවුන්ට ලැබෙන අතර අභියාචනාව පිළිගැනීම නොපිළිගැනීම හෝ ඇප ලබාදීම නොදීම අධිකරණය විසින් තීරණය කෙරෙනු ඇත.

Related posts

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

Editor O

மூன்றாவதும் இறுதியுமான ஒருநாள் போட்டி இன்று

Mohamed Dilsad

Agriculture Ministry to increase paddy storage facilities

Mohamed Dilsad

Leave a Comment