Trending Newsඑසැන පුවත්දේශීය

කැලණි ගඟ ආශ්‍රිත නාගලගම්වීදිය ජල මාපකය උපරිමයට ; තවදුරටත් ජල මට්ටම ඉහළ යන්නේ නැහැ

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී.

හංවැල්ල මාපකයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහා ගංවතුර තත්ත්වයකි .

එමෙන්ම නාගලගම් වීදියේ ජල මපකයේ අඩි 8.35ක් ක ජල මට්ටමක් දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

.කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වනවිට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ තිබේ.

ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙස ගංවතුර වේල්ල ආසන්නයේ සිටින සියලුමදෙනාගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related posts

ரஞ்சன் ராமநாயக்கவுக்கு எதிரான வழக்கு செப்டம்பர் 05ம் திகதிக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති පත්කළ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.

Editor O

අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ දැමීමට අවස්ථාවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment