Trending Newsඑසැන පුවත්දේශීය

කැලණි ග⁣⁣ඟේ ජලමට්ටම තවදුරටත් ඉහළට

කැලණි ගඟේ මහ ගංවතුර අවදානම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා ප්‍රකාශ කළාය.

කැලණි ගඟ මේ වනවිට මහ ගංවතුර මට්ටමේ පවතින බවද ඇය පැවසුවාය.

නාගලගම් වීදිය ජල මාපකය මේ වනවිට අඩි 6.4 මට්ටමේ පවතින බවත්, එය අඩි 7 ක් ඉක්මවූ විට මහ ගංවතුර මට්ටමක් බවද ඇය ප්‍රකාශ කළාය.

මීට අමතරව දැදුරු ඔය, අත්තනගලු ඔය ඇතුළු ගංගා කිහිපයක මහ ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බවද සකුරා දිල්තාරා මහත්මිය පැවසුවා ය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අද දිනයෙත් උතූරු , උතුරු මැද වයඹ හා මධ්‍යම පළාත් වලට මිලි මීටර් 100ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ සුළි කුණාටුව මේ වනවිට ක්‍රමයෙන් ඉවතට යමින් ඇති බවයි.

දැදුරු ඔය, රාජාංගනය සහ කලා වැවෙන් පිටාර දමන ජලය, දැදුරු ඔය, මී ඔය සහ කලා ඔය ඔස්සේ, ගලා යන්නේ, පුත්තලම දිස්ත්‍රික්කය වෙතයි.

ඒ හේතුවෙන් එහි ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් සමන් සිල්වා මහතා ප්‍රකාශ කරන ලදි.

ගංවතුර හේතුවෙන් කොටුවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සදහා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිවයිනේ දිස්ත්‍රික්ක 07කට අයත් ප්‍රදේශිය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාවට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

Related posts

Paul McCartney’s daughter Stella McCartney pays tribute to George Michael in Paris Fashion – [VIDEO]

Mohamed Dilsad

நாணயச்சுழற்சியில் வெற்றிபெற்ற இங்கிலாந்து அணி

Mohamed Dilsad

உயர் தர மாணவர்களுக்கான டெப் கருவிகளை இலவசமாக வழங்கும் வேலைத் திட்டத்திற்கு அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Leave a Comment