Trending Newsඑසැන පුවත්දේශීය

පාරිභෝගිකයන් සියයට 70%ක ට විදුලිය සපයන්නේ පාඩු ලබමින් – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 70% කට ආසන්න (ලක්ෂ 50 ක) ප්‍රමාණයකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය අලෙවි කරනු ලබන්නේ එය උත්පාදනය කිරීමට වැයවන සත්‍ය පිරිවැයට වඩා අඩු මිලකට යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරයි.

වර්තමානයේ විදුලි ඒකකයක් නිපදවීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 19.20 ක් දක්වා අඩු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

කෙසේ වෙතත්, ඒකක 30 හෝ ඊට අඩුවෙන් පරිභෝජනය කරන පවුල් වෙතින් විදුලිබල මණ්ඩලය අය කරන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලකි.

පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම කාණ්ඩයේ පාරිභෝගිකයන්ගෙන් ඒකකයකට රුපියල් 8 ක මුදලක් අය කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ, ඒකක 90 දක්වා වූ සියලුම පරිභෝජන කාණ්ඩ සඳහා අය කරන මුදල, විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැයට වඩා අඩු මට්ටමක පවතින බවයි. 

මෙම තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය සපයන්නේ පාඩු ලබමින් බව පැහැදිලි වන බව ඒ මහතා අවධාරණය කළේය.

Related posts

කොළඹට ඇතුලුවන රථවාහන සඳහා අද සිට වර්ණ 11 කින් යුත් ස්ටිකර්

Mohamed Dilsad

Price of Nadu and Samba rice reduced

Mohamed Dilsad

ஐக்கிய தேசியக் கட்சியின் விசேட செயற்குழு கூட்டம் இன்று

Mohamed Dilsad

Leave a Comment