Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රාදේශීය ලේකම්වරු අරලියගහ මන්දිරයට කැඳවයි

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී විශේෂ රැස්වීමක් අද (22) පැවැත්වේ.

2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව මෙහිදී එම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී මෙම රැස්වීම පැවැත්වේ.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන බිම්මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් පුළුල් ලෙස මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව , සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව , ප්‍රජා ශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳ හඳුන්වාදීම , අල්ලස් හා දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ රටම එකට ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීයදායකත්වය ලබා ගැනීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කරන බව සඳහන් ..

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වෙඩිතැබීමක් | රෝගියෙක්ට බරපතල තුවාල

Editor O

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment