Trending Newsඑසැන පුවත්දේශීය

අරගලය පාලනය කළ මමත්, මැතිවරණයෙන් පරාද වුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර විසින් රචිත “අරගලයේ බලය- ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (20) සිදු කෙරිණ. .

එහිදී අදහස් දක්වමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලය ගැන අදහස් පළ කළේය. .

එමෙන්ම අරගලය මර්දනය ලොව සිදුකළ සාර්ථකම මර්දනයක් බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. අපි ඔක්කෝම ක්‍රියාත්මක කරපු නිසා අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් වුණා. බංග්ලාදේශයේත් ප්‍රශ්නයක් ඇති වුණා. එතැන පාරට බැස්සා අන්තිමට ආණ්ඩුවට වෙඩි තියන්න වුණා. අපිට තරම් උග්‍ර ප්‍රශ්නයක් නෙමෙයි. නේපාලයේ බලන්න සමාජමාධ්‍ය පාලනය කිරීම ගැන. එතැනින් ඇති වුණේ ප්‍රශ්නය. මේවා නෙමෙයි අපිට තිබුණේ ඊට වඩා උග්‍ර ප්‍රශ්න. කෙසේ හෝ ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ආරක්ෂා කරන්න අපි ක්‍රියා කළා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. අරගලය මර්දනය කරා කියලා බීබීසියෙන්, අල්ජසීරා එකෙන් හැමතැනින්ම කිව්වා. කොච්චර මර්දනය කරාද කිව්වොත් ඊළඟ ජනාධිපතිවරණයෙන් මම පැරදුනා. ඒවාගේ සාර්ථක මර්දනය කිරීමක් මම හිතන්නේ නෑ ලෝකයේ කොහේවත් ඇති වුණා කියලා. අපි යන මාර්ගය අපි හදාගන්න ඕනේ. ”

Related posts

Sub-Committee to look into trade union action

Mohamed Dilsad

கிராமம், நகரம் என்ற பேதமின்றி வளங்கள் பகிர்ந்தளிக்கப்பட வேண்டும் ;வவுனியா தரணிக்குளத்தில் அமைச்சர் ரிஷாட் பதியுதீன்…

Mohamed Dilsad

එක්සත් අරාබියට දුවිලි කුණාටුවකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment