Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක්…!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇත. .

ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට, වත්මන් ආණ්ඩුව අපොහොසත් වීම ගැන විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත්, සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සංගමය පියවර ගත් බවය. 

ඒ අනුව හෙට සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේය.. 

Related posts

Sri Lanka, China think tanks co-launch book on Sino-Lanka relations

Mohamed Dilsad

Jamshed provisionally suspended by PCB

Mohamed Dilsad

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment