දේශීය

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා බවට පැමිණිල්ලක්

(UTV |කොළඹ) – හිටපු අධිකරණ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍යාංශයේ වාහන පහක් තවමත් හොර රහසේම භාවිත කරන බවටයි.

එම වාහන ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම වාහන මෙතෙක් භාරදී නොමැති බවට අධිකරණ අමාත්‍යාංශය ද පිළිගෙන ඇත.

මෙලෙස භාවිත කල නිල වාහන භාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අනුව එම වාහන භාර දීමට වහාම කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.

Related posts

නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

Editor O

උපාධිධාරීන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොල අදත් වැසේ

Mohamed Dilsad

Leave a Comment