Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීනියගේ, “කුඩු” විදුහල්පති සැමියා ට අධිකරණය දුන් නියෝගය

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

මෙම විදුහල්පතිවරයා හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග පසුගිය 5 වනදා අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනින.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට පොලිසියට ලැබුණ තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළවැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා විද්‍යුත් තරාදියක් මෙන්ම පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමේ තීරණයක්

Editor O

More than 40 die as India bus plunges into gorge

Mohamed Dilsad

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment