දේශීය

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ක්‍රියාමාර්ග කිහිපයක්

(UTV | කොළඹ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා එහිදී කටයුතු කරන බවයි.

මේ අනුව ඈත පෙරදිග රටවලට පියාසර කරන ගුවන් යානාවල කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අංශ දැනුවත් කර තිබේ.

ගුවන් යානා තුළදී මෙන්ම ගුවන් තොටුපළවලදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන්ට උපදෙස් දී ඇති බවත් පවතින තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය, කටුනායක ගුවන් තොටුපළ ඇතුලු පාර්ශව කිහිපයක් සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

Related posts

ඇඳිරි නීතිය අවසන් වු වහාම සියලූම සමූපකාර විවෘත කිරීමට උපදෙස්

Mohamed Dilsad

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

Editor O

මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment