Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය ඉල්ලීම් සඳහා විසඳුම් නැත්නම්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෛද්‍ය සංගමයෙන් දැනුම් දීමක්.

දින හතක් තුළ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් දීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේනම්, දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හා රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. .

මානව සම්පත් අර්බුදය, ඖෂධ හා උපකරණ හිඟය, රෝගී සත්කාර පහසුකම් හිඟය ආදිය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට පත්ව ඇති බවත්, ජනාධිපති , සෞඛ්‍ය ඇමති සහ මුදල් අමාත්‍යංශය තොරතුරු දැනුවත් කර ඇති නමුත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැති බව එම සංගමය සඳහන් කරති. .

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවය නොසලකා හැරීම හේතුවෙන් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් පැවති ගැටලු තවදුරටත් උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේය..

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට තම සංගමයේ උත්සාහ කළත් ජනාධිපතිවරයා ඊට මේ වනතෙක් අවස්ථාවක් ලබා නොදී ඇති බවට චෝදනා කරන ඒ මහතා ඉදිරි දින හත ඇතුළත සිය ඉල්ලීම් සම්බන්ධව අවධානය යොමු නොකළොත් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව අනතුරු අඟවයි..

Related posts

රුහුණු කුමාරි පීලි පනී

Mohamed Dilsad

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

இடிந்த சிறையில் இருந்து தப்பிய கைதிகள்…

Mohamed Dilsad

Leave a Comment