Trending Newsඑසැන පුවත්දේශීය

වතු හිමිකරුවන්ට ලාබ ගන්න, වතු සේවක වැටුප රජයෙන් ගෙවීම ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහගේ අදහස

වතු කම්කරුවන්ට රුපියල් 200ක දෛනික දිරි දිමනාව රජය විසින් ලබාදීම හරහා ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සඳහන් කරයි.

මෙම මුදල ලබාදීමට ආරම්භ කළහොත් දිගින් දිගටම මෙම මුදල ලබාදීමට සිදුවන බවත් ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇති බවත් පැවසූ ඔහු එය රජයට අමතර බරක් බවත් පැවසීය.

පෞද්ගලික අංශය විසින් සේවයේ යොදන සේවක කණ්ඩායමකට අදාළව රජය විසින් සහනාධාර දීම නරක පූර්වාදර්ශයක් බවද පවසන ඔහු මෙය තවත් විවිධ අංශවලට ගමන් කිරීමට ඇති ඉඩ ඉතා වැඩි බවද සඳහන් කළේය.

වතු හාම්පුතුන් සියලුම ලාභය ලබා ගනිද්දී රජය විසින් ජනතා බදු මුදලින් එම  වතු කම්කරුවාගේ වැටුප ගෙවන්නේ මන්දැයි හෙතෙම  ප්‍රශ්න  කළේය.

.

Related posts

මඩකලපුවට පුළුල් සංවර්ධන සැලැස්මක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නැවතත් ගුවන් ගමන් පහසුකම්

Mohamed Dilsad

மாந்தை மேற்கு பிரதேச சபை அகில இலங்கை மக்கள் காங்கிரஸ் வசம்…

Mohamed Dilsad

Leave a Comment