Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගය නිසා ගෙදර බල්ලට, එහා ගෙදරට යන්න බැරිනම් මුහුද මැද පාරක් හැදුවාම එහා පැත්තේ මාලු මෙහා පැත්තට යන්නේ කොහොමද ..?

මුහුද මැද්දෙන් පාරක් හදන බවට මෙවර අයවැය යෝජනාවලියෙන් යෝජනා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තුවන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට අද (10) සහභාගි වෙමින් හෙතෙම එසේ පැවසීය.

එසේ පාරක් හැදුවොත් මුහුදේ සිටින මාළුන් එහා පැත්තෙන් මෙහා පැත්තට යන්නේ කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ජනාධිපති අනුර දිසානායක මහතා එදා විපක්ෂයේ සිටියදී අධිවේගී මාර්ග හදන විට විරුද්ධ වූයේ බල්ලන්ට එහා පැත්තට මෙහා පැත්තට මාරුවීමට නොහැකි බව පවසමින් බවද ඔහු පැවසීය.

විපක්ෂයේ සිටියදී අධිවේගී මාර්ගයක් ගුවන් තොරතුරක් විශ්ව විද්‍යාලයක් වැනි කිසිම ඉදිකිරීමකට ඉඩ නොදුන් ඔවුන් අද මේ ආකාරයේ කතා අයවැය හරහා ඉදිරිපත් කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.  

Related posts

Ranil nominates Sajith as Opposition Leader [VIDEO]

Mohamed Dilsad

Mahason Balakaya Leader Amith Weerasinghe arrested

Mohamed Dilsad

இரகசிய வாக்குமூலம் வழங்கிய ஹேமந்த

Mohamed Dilsad

Leave a Comment