Trending Newsඑසැන පුවත්දේශීය

රටට සහ සංස්කෘතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් හයේ පොතට දාලා..- අගරදගුරු

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සූදානම් වන ලිංගික අධ්‍යාපන විෂය නිර්දේශය රටට නුසුදුසු බවත්, එය ජාත්‍යන්තර සංවිධානවල බලපෑම මත සිදු කෙරෙන්නක් බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසති.

මෙවැනි පියවරයන් වහා නතර කිරීම සඳහා රටේ පාලකයින්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළහ.

රටේ අතීතය සිහිපත් කරමින් උන්වහන්සේ කියා සිටියේ, දශක ගණනක් පැවති යුද්ධයක් පවා අවසන් කිරීමට අපේ රටට හැකි වූවා සේම, මෙවැනි නුසුදුසු වැඩසටහන් නතර කිරීමටද සියලු දෙනා එක්විය යුතු බවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නිවැරදි තීරණයක් ගත යුතුව ඇතැයි කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ.

මෙම අදහස් දැක්වීම, මීරිගම කීණදෙනිය ප්‍රදේශයේ අලුත්වැඩියා කරන ලද ස්තෙපනමුනි දේවස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ සිදු කරන ලදී.

Related posts

කොරෝනා මරණ තවත් ඉහළ යයි

Mohamed Dilsad

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

பாகிஸ்தான் இராணுவத் தலைவர் இலங்கைக்கு வருகை.

Mohamed Dilsad

Leave a Comment