Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය දෙවෙනිවර කියවීමේ විවාදය ඇරඹේ…

අය-වැය දෙවෙනිවර කිය වීමේ විවාදය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු ආරම්භ කෙරුණි.

ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කෙරේ.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

2026 අයවැය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Related posts

Vienna State Opera: Top ballet academy ‘encouraged pupils to smoke’

Mohamed Dilsad

වැඩිහිටියන් සහ ළමයි අතර පිළිකා ඉහළට

Editor O

இலங்கை அணியின் பந்துவீச்சு பயிற்சியாளராக ஸ்டீவ் ரிக்சன்…

Mohamed Dilsad

Leave a Comment