Trending Newsඑසැන පුවත්දේශීය

වැඩිහිටියන් සහ ළමයි අතර පිළිකා ඉහළට

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයෑමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.

“මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා.”

Related posts

තවත් ආසාදිතයන් රැසක් මෙරටින් වාර්තා වෙයි [UPDATE]

Mohamed Dilsad

சிறைத்தண்டனை வழங்கப்பட்ட சதொச நிறுவன முன்னாள் பதில் பொது முகாமையாளருக்கு பிணை

Mohamed Dilsad

නීති විරෝධීව මෙරට රැදී සිටි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment