Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

විපක්ෂනායකවරයා ඉන්දීයානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් පවත්වා තිබේ.

එහි දී විපක්ෂ නායකවරයා විසින් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඓතිහාසික හා පරිණාමය වෙමින් පවතින භූමිකාව අගය කරමින් එය “beacon of strategic autonomy and South–South cooperation.” ලෙස විස්තර කළේය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා නැවත වරක් තහවුරු කළ අතර, ඉන්දියානු සාගරය සාමයේ සහ සහයෝගීතාවයේ කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ හවුල් වගකීම ද අවධාරණය කළේය.

එසේම භූ ආර්ථික විද්‍යාවේ නැගීම සහ ආර්ථික හා ආරක්ෂක ප්‍රමුඛතා අභිසාරීවීම මඟින් සලකුණු කරන ලද පරිවර්තනය තුළ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

ශිෂ්ටාචාරමය හා තාක්ෂණික බලවතෙකු ලෙස ඉන්දියාවේ මතුවීම ඉස්මතු කරමින්, එහි ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය, නිෂ්පාදනය සහ විශ්වාසදායක ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශංසා කළේය.

විශේෂයෙන් විදුලි වාහන සහ සැපයුම් ක්ෂේත්‍රයන්හි ඉන්දියාවේ කාර්මික හා තාක්ෂණික මුලපිරීම් සමඟ එකතුවීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

සාධාරණ හා සමබර ගෝලීය පිළිවෙලක් හැඩගැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් ලබාගැනීමට ඉන්දියාවට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය පළ කරන බව ද  සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.

Related posts

DIG Nalaka De Silva transferred

Mohamed Dilsad

உடவளவ தேசிய சரணாலயத்திற்கு புதிய நுழைவாயில்

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

Leave a Comment