Trending Newsඑසැන පුවත්දේශීය

ඉස්සර අපි කියපුවට අත්පුඩි ගැහැවට ; ඒවා කරන්න අමාරුයි ; නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කෙදිරිගායි

මෑතකදී මහජන නියෝජිතයින් ලෙස පත්වීම් ලබා, සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් වශයෙන් වැඩ ආරම්භ කළ පළාත් පාලන නියෝජිතයින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ප්‍රකාශයක් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම නව නියෝජිතයින්ට තම කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම ප්‍රධාන බාධාවක් වී ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මහජන නියෝජිතයින් ලෙස පත්වීමෙන් පසු සැබෑ අභියෝගය වන්නේ ‘වැඩ කරන්නේ කෙසේද?’ යන්න බවයි.

“දැන් මහජන නියෝජිතයින් හැටියට පත් වෙලා, සභාපතිවරු, නගරාධිපතිවරුන් විදිහට වැඩ පටන් අරන් ගියාට පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද වැඩ කරන්නේ කියන එක. ඇයි? වැඩ කරන්න බලනකොට යන්න එන්න වාහනයක් නෑ. සභාපතිට යන්න වාහනයක් නෑ, ලේකම්ට යන්න වාහනයක් නෑ. ඉතින් මේ ඔක්කොටම උත්තර හොයන්න ඕනේ.”

ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය කාලයේ ජයග්‍රහණ වෙනුවෙන් අත්පුඩි ගසමින් රතිඤ්ඤා පත්තු කළද, එහි සැබෑ ප්‍රතිඵල සහ ගැටලු මේ වන විට කරළියට එමින් තිබෙන බවයි.

Related posts

Cricket Australia confirm bowling coach appointments for World Cup and Ashes

Mohamed Dilsad

Sri Lanka’s second modern training centre launched

Mohamed Dilsad

නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment