Trending Newsඑසැන පුවත්දේශීය

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

එළඹෙන 2026 වර්ෂය සඳහා නුවරඑළිය ප්‍රාදේශ සභාවේ අයවැය සභා සම්මත කිරීමේ විශේෂ මහ සභා අවස්ථාව අද (31) නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාක් මහතාගේ පධානත්වයෙන් නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ පැවැත්වින ,

ජලය ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය මංමාවත් සහ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධන ඉලක්ක කරගනිමින් මිලියන හැත්තෑවක සැලසුම් යෝජනා සමගින් සැකසුණු අයවැය වැඩි ඡන්ද විසි එකකින් සම්මත වූ අතර විපක්ෂව එක් ඡන්දයක් පමණක් හිමිවිය .

අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කළේ ජන අරගල සන්ධානය නියෝජනය කරන බාලක්‍රිෂ්ණන් පද්මසිරි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා විසිනි,

ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හත් දෙනෙක් , එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක් න්ත්‍රීවරයෙක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් , අන්නා මලයග මක්කල් මුන්නනි නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක්,  සමගි  ජන බලවේගය මන්ත්‍රීවරුන් පස්දෙනෙකු , ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පස් දෙනෙක්‍ය්  සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළුව සමස්තව අයවැයර පක්ශව ඡන්ද විසි එකක් හිමි විය  ,

එක් මන්ත්‍රීවරයකු පමණක් අසනීප තත්ත්වය හේතුවෙන් සභාව සදහා සහභාගි නොවන අතර ඒ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කර රාමසාමි තමිල් සෙල්වන් පමණි,

අය වැය සම්මත වීමෙන් අනතරුව අදහස් දක්වමින් නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාජ් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ග්‍රාමිය ප්‍රජා යටිතල පහසුකම් සැපයීම , සංචාරක වියාපාර නැංවීම නගර අලංකරණය ඇල මාර්ග සංවර්ධයන මංමාවත් සංවර්ධයන ඇතුලු වියාපෘති රැසක් ඉලක්ක කර ගමිමින් මිලියන 70ක අයවැය අද සම්මත කර ගැනීමට හැකි වූ බවයි ,

තවද මෙම අයවැයෙන් මහජතාවට උපරිම සේවාවක් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් ඵැවසීය .

ආර්.එෆ්.එම්.සුහෙල් 

Related posts

மரண தண்டனை வழங்கும் நாள் தீர்மானம்?

Mohamed Dilsad

இலங்கையில் ஜோன்சன் மற்றும் ஜோன்சன் பேபி பவுடர்களது இறக்குமதிக்கு தடை

Mohamed Dilsad

President pays tribute to Bangladesh liberation martyrs

Mohamed Dilsad

Leave a Comment