Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රියක ගින්නක්

අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ අද (25) අලුයම ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

අනුරාධපුරයෙන් අද උදෑසන 5ට පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක්  පටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.

Editor O

Detained Lankan fishermen interrogated in India

Mohamed Dilsad

346 பேர் உயிரிழந்தமைக்கு போயிங் நிறுவன தலைமை செயல் அதிகாரி மன்னிப்பு கோரினார்

Mohamed Dilsad

Leave a Comment