Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.

එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසත් නියම කර තිබේ.

ආනයනික සම්මා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්මා කිලෝවක උපරිම මිල රුපියල් 240ක් ලෙස සඳහන් ය.

එමෙන්ම කීරි පොන්නි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 255 ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධන ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්ය. 

Related posts

සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසෙන දිනයන්

Mohamed Dilsad

IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව : නැවත කැඳවීම මාර්තු 09

Mohamed Dilsad

Leave a Comment