Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මිරිදිය ධීවර කර්මාන්තය ට සහ කිතුල් කර්මාන්තයට රක්ෂණයක්

මධ්‍යම කඳුකරයේ මිරිදිය ධීවර කර්මාන්තකරුවන් සහ කිතුල් කර්මාන්ත ය ආවරණය වන පරිදි නව රක්ෂණාවරණ දෙකක් හඳුන්වාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මුහුදුකරයේ ධීවර ප්‍රජාව ඉළක්ක කර දැනට ක්‍රියාත්මක ධීවර රක්ෂණාවරණය රට තුළ ක්‍රියාත්මක කීරීම ආරම්භ කළ බවත් ඒ අනුව මධ්‍යම කඳුකරයේ වික්ටෝරියා ඇතුළු ජලාශ කේන්ද්‍ර කොට මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් රක්ෂණය කරන බව එම මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂ රජීව කුලරත්න මහතා පැවසීය.

වෙරළ බඩ ප්‍රදේශවල ධීවරයන් රැසක් සිය ජීවිත රක්ෂණය ලබා දෙන ඇතැයි කී ඒ මහතා එවැනි ආරක්ෂාවක් මිරිදිය ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය වන බැවින් එය රට තුළ ද ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම කිතුල් කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් වෙනුවෙන් ද ජීවිත රක්ෂණයක් හදුන්වා දී ඇතැයි කී ඒ මහතා සුළු ගෙවීමක් මගින් රුපියල් මිලියන දෙකක පමණ ප්‍රතිලාභයක් මෙම රක්ෂණ ක්‍රම දෙක මගින් ප්‍රතිලාභීන්ට හිමිවන බව සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

Fairly cold weather is expected to continue over the island

Mohamed Dilsad

Leave a Comment