Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂට ඇප

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියම කළේය.

එලෙස අත්අඩංගුවට ගැනුනේ, 2019 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කළේය යන චෝදනාවකටය.

සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කර තිබේ. ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු වෙත කොන්දේසියක් පනවනු ලැබීය. ඉන් අනතුරුව පැමිණිල්ල යළි දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට ද නියම වූ බව වාර්තා වේ.

Related posts

உலகின் மகிழ்ச்சியான நாடு ஃபின்லாந்து

Mohamed Dilsad

Palaniswami writes to Modi again on fishermen issue

Mohamed Dilsad

Matara student’s murder main suspect remanded

Mohamed Dilsad

Leave a Comment