Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයි

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේය

Related posts

සති අන්තයේ දුම්රිය නවතී

Mohamed Dilsad

தலவாக்கலை தொடர் லயக்குடியிருப்பில் தீ விபத்து [VIDEO]

Mohamed Dilsad

කාබනික පොහොර භාවිතයේදී එන අභියෝග නොතකා ඉදිරියට යන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment