Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයි

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේය

Related posts

வடமேல் மாகாணத்திலும் மற்றும் கம்பஹாவிலும் முடிவுக்கு கொண்டுவரப்பட்டுள்ள ஊரடங்கு சட்டம்

Mohamed Dilsad

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ, එරික් සෝල්හයිම් අප්‍රසාදය පළ කරයි.

Editor O

Leave a Comment