Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා ඡන්දය තියන කාල වකවානුව ඉදිරි දෙසතිය තුළ රටට කියන්න – පැෆ්රල් සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි

ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්වෙන කාල වකවානුව ගැන ආණ්ඩුවෙන් ඉදිරි සති දෙක ඇතුළත පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම පක්ෂවල එකඟතාවයකින් ආණ්ඩුවට යැවූ පිළිතුරට සති තුනක් ගත වී ඇතත් තවම පිළිතුරක් ලැබී නොමැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරචිචි ප්‍රකාශ කළේය.

පළාත් සභා ඡන්දය විශාල වශයෙන් කල් දැමීම සිදු නොකළ යුතු බවත්, පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුවට සිදු කළ යුත්තේ සුළු සංශෝධනයක් පමණක් බවත්, ඒ අනුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට හැකියාව පවතින බවද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

මීට අමතරව නව ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වනවා නම් සීමා නිර්ණ කටයුතු මාස හතරක් ඇතුළත නිමාවන ආකාරයට සංශෝධනයක් ඉදිරිපත්විය යුතු බවත්, එම මාස හතරෙන් අනතුරුවත් ඵය ක්‍රියාත්මක නොවනවානම් මාස හතරෙන් අනතුරුව පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට බලතල ලැබෙන වගන්තියක්ද සහිතව අදාළ සංශෝධනය සිදුවිය යුතු බව රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට ඒ පක්ෂවල එකඟතාවයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ නමුත් සති තුනක් ගත වී ඇතත් තවම එයට පිළිතුරක් ලැබී නොමැති බවද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණහොත් ඉන් අනතුරුව මැතිවරණ කොමිසම සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රසඳහන් කර සිටී.

Related posts

US release of 3D-printed gun software blocked

Mohamed Dilsad

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

Mohamed Dilsad

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝක

Mohamed Dilsad

Leave a Comment