දේශීය

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝක

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

 

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කථා බහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

16 වන ‍බෙනඩික්ට් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දැක්වා තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related posts

වැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා රැසක් වසා දැමේ

Editor O

තවත් කොරෝනා ආසාදිතව සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

පෙර පාසල් ගුරුවරියන්ට 2,500 ක මාසික දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment