දේශීය

කාබනික පොහොර භාවිතයේදී එන අභියෝග නොතකා ඉදිරියට යන්න – ජනපති

(UTV | කොළඹ) – කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ට උපදෙස් ලබාදී ඇත.   

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවරය වී ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක්වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Related posts

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

Mohamed Dilsad

රැඳවියෙකු පලා යයි

Mohamed Dilsad

Leave a Comment