විදෙස්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීත්වය මාලදිවයින් විදේශ ඇමතිට

(UTV | මාලදිවයින) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී තිබේ.   

සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී අබ්දුල්ලා ෂාහිඩ් ඡන්ද ඡන්ද 191 න් වැඩි ඡන්ද 143 ක් ලබා ගත්තේය.

එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 76 වන සැසිවාරයේ මුලසුන හොබවන සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ ඡන්ද විමසීම පසුගිය සඳුදා පැවැත්විණ.

75 වන සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ, තුර්කියේ වොල්කන් බොස්කීර් මහතා ය.

මහා මණ්ඩලයේ සභාපතිවරයා සෑම වසරකම රහසිගත ඡන්ද විමසීමක් මගින් තෝරා පත් කර ගනු ලබන අතර ඊට අවශ්‍ය වන්නේ, මහා මණ්ඩලයේ සරල බහුතර ඡන්දයකි.

ඒ අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු ඇති.

Related posts

සඟරාවක පිංතූරයක් කේරළය කළඹයි

Mohamed Dilsad

ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේ

Mohamed Dilsad

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

Leave a Comment